ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය නැවත ගමනාගමන කටයුතු සඳහා අද පෙ.ව. 6.0ට විවෘත කර තිබෙන බව පොලීසිය සඳහන් කරයි.
ඊයේ (03) පැවැති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග පහළ කඩුගන්නාව ප්‍රදේශයට ගල් පෙරළීම හේතුවෙන්, ගනේතැන්න සහ කඩුගන්නාව අතර මාර්ග කොටස තාවකාලිකව වසා දැමීමට පොලීසිය පියවර ගෙන තිබුණි.