ඊයේ (02) ඇති වූ වර්ෂාවත් සමඟ අඹේවෙල ජලාශයේ වාන් දොරටු දෙකම අගල් 4ක් දක්වා විවෘත කර තිබේ.
එම වාන් ජලය අග්‍ර ඔය හරහා ඩයගම, ලිඳුල, ආගරපතන හා තලවකැලේ හරහා ඉහළ කොත්මලේ ජලාශයට ගලා බසින බැවින් අග්‍ර ඔයේ ජලයේ වැඩිවීමක් සිදුවිය හැකි බැවින් එම ඔය දෙපස පහත් බිම්වල පදිංචි ජනතාව විමසිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටි.