Sunday, May 03, 2026
Follow Us
මහින්දානන්ද පදනමේ දේපළ යළි දුම්රිය දෙපාර්තමේන්තුවට

වසර 20කට ආසන්න කාලයක් බදු පදනම මත පවත්වාගෙන ආ මහින්දානන්ද පදනමේ නිෂ්චල සහ චංචල දේපළ සියල්ල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක පවතාගෙන ගිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම සහ ඒ ආශ්‍රිත භූමිය නැවත දුම්රිය දෙපාර්තමේන්තුවට මසක් වැනි කාලයක් තුළ පවරා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී දැනුම්දීමක් කර ඇත.

ඒ අනුව ඊයේ (02) පෙරවරුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එම පදනම් ගොඩනැගිලි සහ භූමිය නැවත පවරාදීම මහින්දානන්ද පදනමේ ලේකම් චාමික ධර්මතිලක මහතා විසින් සිදු කළ බව වාර්තා වෙයි.