Friday, April 24, 2026
Follow Us
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි
දිවයිනේ බොහෝ ප්රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.
දකුණු පළාතේ සහ කළුතර දිස්ත්රික්කයේ වෙරළබඩ ප්රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක.
 
මධ්යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වලත් වවුනියාව සහ කුරුණෑගල දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
 
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.