අම්බලන්ගොඩ පොලිස් වසමේ දේවගොඩ ප්‍රදේශයේදී ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (18) වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 120 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
සැකකරු අවුරුදු 23 ක් වන දේවගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අම්බලන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.