Saturday, October 17, 2026
Follow Us
අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා යළිත් QR ක්‍රමය

ඔත්තේ ඉරට්ටේ ක්‍රමය යටතේ  අද (18) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව මීට පෙර පැවති ආකාරයට පෙට්‍රල් ඉන්ධන කෝටාව හිමි වේ.

උත්සව සමය හේතුවෙන් පසුගිය 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී QR ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කර තිබුණි.