නොවැම්බර් 10 වන දිනට යෙදී තිබෙන ලෝක විද්‍යා දිනයට සමගාමීව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් සංවිධානය කළ ජාතික විද්‍යා දින සැමරුම සහ ජාතික විද්‍යා සතිය ආරම්භ කිරීම විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(10) කොළඹදී සිදු කෙරිණි.
"විශ්වාසය ගොඩනංවමින් පරිවර්තනීය යුගයක් කරා: ශ්‍රී ලංකාවේ හෙට දවස උදෙසා විද්‍යාව" මෙවර විද්‍යා සතියේ තේමාවය.
විද්‍යාව ප්‍රචලිත කරමින් විද්‍යා සාක්ෂරතාව ඉහල නැංවීම වෙනුවෙන් නවීන විද්‍යාවන් පර්යේෂණ සහ නවෝත්පාදන ඇතුළු ලොව නැගී එන තාක්ෂණික ධාරාවන් පිළිබඳ දැනුම හා අවබෝධය ව්‍යාප්ත කර ජනතාවට සමීප කරවීමේ වැදගත්කම පිළිබඳ අවධානය යොමු කර ඒ සඳහා සමාජය තුළ විද්‍යාව ප්‍රචලිත කරමින් විද්‍යා සාක්ෂරතාව ඉහළ නංවා ගැනීමේ ඉතා වැදගත් පියවරක් ලෙස ලෝක විද්‍යා දිනයට සමගාමීව ජාතික විද්‍යා දිනය සහ විද්‍යා සතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ජාතික විද්‍යා සතිය නිල වශයෙන් සමාරම්භ කිරීමෙන් අනතුරුව, පළමු වැඩසටහන ලෙස විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයේ ප්‍රතිපත්ති සම්පාදනය සහ රාජතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරගැනීමේ විද්‍යාත්මක ප්රවේශයන් හඳුනාගැනීම පිලිබඳ පුළුල් විද්වත් සංවාද දෙකක් ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.