Monday, November 10, 2025
Follow Us
විභාග දින­වල ආප­දා­වක් වුණොත් මේ අංක­ව­ලට අම­තන්න

උසස් පෙළ විභාග කාල­සී­මාව තුළ සිසු දරුදැරි­යන්ට සහ විභාග රාජ­කාරි සඳහා සම්බන්ධ වන නිල­ධා­රීන්ට යම් ආපදා තත්ත්ව­යන් හේතු­වෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනී­මට ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය සහ විභාග දෙපා­ර්ත­මේ­න්තුව එක්ව විශේෂ ඒකා­බද්ධ වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කර තිබේ.

විභාග කාල සීමාවේ ආප­දා­ව­ලින් අව­දා­න­මින් තොර පරි­ස­ර­යක් නිර්මා­ණය කර දීම සඳහා ඒ ඒ පාර්ශ්ව­කාර ආය­තන කට­යුතු කළ යුතු ආකා­රය ඇතු­ළත් මාර්ගෝ­ප­දේ­ශ­යක් නිකුත් කිරී­මට ද ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය කට­යුතු කර ඇත.

යම් ආපදා තත්ත්ව­යක් හේතු­වෙන් විභා­ග­යට පෙනී සිටී­මට යම් බල­පෑ­මක් එල්ල විය හැකි සිසු දරු­වන්ට 117 දුර­ක­තන අංක­යට හෝ විභාග දෙපා­ර්ත­මේ­න්තුව විසින් හඳු­න්වාදී ඇති 1911 දුර­ක­තන අංක­යට හෝ ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­න­යෙහි හදිසි මෙහෙ­යුම් මැදි­රිය තුළ ස්ථාපිත කර ඇති ජාතික විභාග හදිසි මෙහෙ­යුම් ඒක­කය විශේෂ ඇම­තුම් අංක 113 668 026, 113 668 032, 113 668 087 සහ 113 668 119 යන දුර­ක­ත­න­ව­ලට දැනු­ම්දී­මෙන් අවශ්‍ය සම්බ­න්ධී­ක­රණ සහාය ලබා ගත හැකිය.