Tuesday, November 11, 2025
Follow Us
නව දිල්ලි පිපිරීමෙන් සිදූ වූ මරණ ගණන ඉහළට

ඉන්දියාවේ දිල්ලි අගනුවර Red Fort මෙට්‍රෝ දුම්රිය ස්ථානය අසල සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 09 දෙනෙක් මිය ගොස් තිබෙන බව වාර්තා වෙයි.

Red Fort මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ අංක 1 ගේට්ටුව අසල නවතා තිබූ මෝටර් රථයක සිදු වූ මෙම පිපිරීමෙන් තවත් පුද්ගලයන් පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

පිපිරීම සිදුවූ ස්ථානය කාර්යබහුල ප්‍රදේශයක් වීම හේතුවෙන් බරපතළ හානි සිදුවී ඇති අතර දිල්ලි ගිනි නිවන සේවා සහ පොලීසිය එක්ව මේ වන විට අදාළ ස්ථානයේ මෙහෙයුම් කටයුතු සිදු කළ බව ද වැඩිදුරටත්  වාර්තා වෙයි