“එක මිටට - ගොවි බිමට” වැඩසටහනට සමගාමීව දීපව්යාප්තව දියත් කරන “ අස්වැන්නට අරුණැල්ලක් ”වැඩසටහනේ එක් අදියරක් වන ග්රාමීය ආර්ථිකය නඟා සිටුවීමට පත් කර ඇති ආර්ථික සංවර්ධන නිලධාරීන් දැනුම්වත් කිරීම පසුගියදා කෘෂිකර්ම පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.
ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම වෙනුවෙන් පසු අස්වනු හානිය අවම කිරීම හා පසු අස්වනු තාක්ෂණය භාවිත කරමින් කෘෂිකර්මාන්තය ආශ්රිත නව ව්යවසායකයින් බිහි කිරීමේ අරමුණු ඇතිව ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය මඟින් මෙම පුහුණු වැඩමුළුව ක්රියාත්මක කෙරේ.
ඒ අනුව ඉදිරියේදී මෙම වැඩසටහන තවදුරටත් දීප ව්යාප්තව සිදු කිරීමට සැලසුම් කර ඇති අතර එමඟින් ග්රාමීය ජනතාව කෘෂි ක්ෂේත්රයේ නව ව්යවසායකයින් බවට පත්කර ඔවුන් ජාතික ආර්ථිකයට සක්රීයව දායක වන පිරිසක් බවට පත් කිරීම මෙම ව්යාපෘථියෙන් අපේක්ෂා කරයි.