Friday, September 13, 2024
Follow Us
නව වී ප්‍රභේ­ද­යෙන් ඉහළ අස්වැ­න්නක්

අම්බ­ල­න්තොට වී පර්යේ­ෂ­ණා­ය­ත­නය මඟින් මෙවර යල කන්නයේ දී හඳුන්වා දුන් A T 378 නමැති වී ප්‍රභේ­දය හෙක්ට­යාර් එක­කට වී මෙට්‍රි­ක්ටොන් 12 සිට 14ක් දක්වා ඉහළ අස්වැ­න්නක් වාර්තා කර ඇතැයි එම පර්යේ­ෂණ ආය­ත­නය සඳ­හන් කරයි.

එම ප්‍රමා­ණය වී ප්‍රභේ­ද­යක් මෙරට වී වගාවේ මෙතෙක් ලබා­දුන් ඉහ­ළම අස්වැ­න්නය. මෙම වී වර්ගය මඟින් අක්ක­ර­ය­කට බුසල් 180ක් වශ­යෙන් හෙක්ට­යාර් එක­කට වී බුසල් 450ක අස්වැ­න්නක් ලබා ගැනී­මට හැකි බව අම්බ­ල­න්තොට වී පර්යේ­ෂ­ණා­ය­ත­නය පෙන්වා දෙයි. A T 378 වී ප්‍රභේ­දයේ ගොයම ගංව­තුර තත්ත්ව­ය­කට වුවද ඔරොත්තු දෙන බවද තහ­වුරු වී තිබේ.

මෙම වී ප්‍රභේ­දය වසර 13ක් තිස්සේ සිදු කරන ලද පර්යේ­ෂ­ණ­යක ප්‍රති­ඵ­ල­යක් වන අතර වී බුස­ලක බර කිලෝ­ග්‍රෑම් 21ක් බව ද, මෙවර යල කන්නයේ දී හම්බ­න්තොට, අනු­රා­ධ­පුර, පොලො­න්න­රුව, මාතර, ගාල්ල හා රත්න­පුර දිස්ත්‍රි­ක්ක­වල වගා කරන ලද අතර ඉහ­ළම අස්වැ­න්නක් ලැබුණු බවත් අම්බ­ල­න්තොට වී පර්යේ­ෂ­ණා­ය­ත­නය සඳ­හන් කරයි.

විශේ­ෂ­යෙන් වී වගා­වට ඉහළ විභ­ව­යක් සහිත දිස්ත්‍රි­ක්ක­යක් වශ­යෙන් සැල­කෙන හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කයේ AT 378 වී ප්‍ර‌භේදය වගා­කළ ගොවීන් විශාල පිරි­සක් හෙක්ට­යාර් එක­කට වී මෙට්‍රි­ක්ටොන් 12 සිට 14ක් දක්වා අස්වැ­න්නක් වාර්තා කළ බව එම වී වගා කළ ගොවීන් කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අම­ර­වීර මහතා හමුවී පසු­ගි­යදා දැනුම් දී තිබිණි.

සාමා­න්‍ය­යෙන් හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කයේ වී ‌ගොවීන් රතු කැකුළු වී ප්‍රභේ­ද­යන් වැඩි­පු­රම වගා කිරී­මට හුරු වී තිබු­ණද අපේ රටේ සහල් පරි­භෝ­ජ­නයේ දී වැඩි පිරි­සක් ආහා­ර­යට ගනු ලබන්නේ සුදු කැකුළු වී වර්ග බැවින් දකුණු පළාතේ සුදු කැකුළු වී වගාව සඳහා සුදුසු වී ප්‍රභේ­ද­යක් වශ­යෙන් AT 378 වී ප්‍රභේ­දය ප්‍රච­ලිත කර­න්නැයි ඇමැති අම­ර­වීර මහතා උප­දෙස් ලබා දී ඇත.