Tuesday, September 17, 2024
Follow Us
ජාතික සිරකරු සැමරුම් දිනය අදයි
ජාතික සිර­කරු දිනය අදට(12) යෙදී තිබෙන අතර ඒ වෙනුවෙන් සිර­ක­රු­වන් 350 දෙන­කුට ජනා­ධි­පති විශේෂ රාජ්ය සමාව හිමිවී තිබේ.

ජනා­ධි­ප­ති­තුමා හට ආණ්ඩු­ක්රම ව්යව­ස්ථාවේ 34 වැනි වග­න්ති­යෙන් පැවරී ඇති බල­තල අනුව සිර­ක­රු­වන්ට මෙම නිද­හස පිරි­නැමෙනු ඇත.

බන්ධනාගාරගත රැඳවියන් හට අමුත්තන් බැලීම සඳහා අද (12) දින විශේෂ විවෘත අවස්ථාවක් නොහොත් ඕපන් විසිට් අවස්ථාවක් ලබාදීමටද බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.