Sunday, September 08, 2024
Follow Us
ඔලිම්පික් ක්‍රීඩා උළෙල අති උත්කර්ෂවත්ව ඇරඹේ

2024 පැරිස් ඔලිම්පික් උළෙල අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ (26) රාත්‍රියේ ආරම්භ විය.

ඒ ප්‍රංශයේ ''සෙයින්'' ගංගාව දෙපසට එක් වු දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ උණුසුම් ප්‍රතිචාරය මධ්‍යයේයි.

සිව්වසරකට වරක් පැවැත්වෙන මේ අසිරිමත් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය මෙවර ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩාංගනයකින් තොරව ගංගාවක් ආශ්‍රිතව පැවැත්විණ.

''බෙදාහදා ගැනීම සඳහා නිර්මාණය කරන ලද '' යන්න තේමා කර ගත් මෙවර ඔලිම්පික් උළෙල ආරම්භ වුණේ ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ ප්‍රධානත්වයෙන් ය.

පැරිසි නගරය හරහා වැටී ඇති සේන් නදියේ , එක් එක් රටවලට අයත් කණ්ඩායම් බෝට්ටුවල නැග කිලෝමීටර් 6ක දුරක් ගමන් කළේ ය.

ප්‍රංශයේ ඉතිහාසය , ඔලිම්පික් ඉතිහාසය විවිධ අවස්ථා නිරූපනය වන අයුරින් එක් කළ විචිත්‍රාංග රැසකින් සමාරම්භ උළෙල වර්ණවත් විය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකු ඔලිම්පික් සදහා සුදුසුකම් ලබා ගත් අතර ඔවුන් ශ්‍රී ලංකා ධජය රැගෙන සේන් නදිය දිගේ ඉදිරියට ගමන් කළේ ය.

Aruna