Monday, September 16, 2024
Follow Us
කොළඹ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ඉහළ ප්‍රතිශයක්

කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද භාවිතය 90%කට වඩා වැඩි බවත්, කිසිදු මැතිවරණ කඩකිරීමක් වාර්තා නොවූ බවත් කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද භාවිතා කිරීම සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (06) පැවති මාධ්‍ය හමුවේදී  ඒ මහතා මේ බව පැවසීය

ඒ මහතා ප්‍රකාශ කළේ භාවිත කරන ලද තැපැල් ඡන්ද කිනම් අයකුට කොපමණක් ලැබී ඇත්දැයි කිසිවකුට ප්‍රකාශ කළ නොහැකි බවයි.

ඇතැම් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් සහ ඔවුන් විසින් මෙහෙයවන සමාජ මාධ්‍ය කණ්ඩායම් තමන්ට තැපැල් ඡන්දයේදී වැඩි වාසියක් ඇතැයි කරන ප්‍රකාශ මැතිවරණ වරදක් බවත්, ඒ සම්බන්ධයෙන් දඬුවම් ලැබිය හැකි බවත්, මැතිවරණ කොමිසම ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.