Wednesday, July 02, 2025
Follow Us
විදේශ අමාත්‍යාංශයේ බටහිර න්‍යාය පත‍්‍රය ගැන විමර්ශනයක්

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කි‍්‍රයාත්මක වන බටහිර රටවල්වල න්‍යාය පත‍්‍රය ගැන විමර්ශනය කිරීමට රජය තීරණය කර ඇත.

විදේශ අමාත්‍යාංශය තුළ සේවය කළ එක් නිලධාරියකු ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිවූවකු බව හෙළිවීමත් සමඟ එම ධුරයෙන් ඔහු ඉවත් කර තිබේ.

නොබැඳි පිළිවෙතක් වෙනුවට කොළඹ බටහිර තානාපති කාර්යාලවලට සම්බන්ධ පිළිවෙතක් අනුගමනය කිරීම ගැන විදේශ කටයුතු බලධාරීන්ට චෝදනා එල්ල වී ඇත.

මෙතෙක් විදේශ අමාත්‍යාංශය තුළ කි‍්‍රයාත්මක වූ බටහිර න්‍යාය පත‍්‍රය වෙනුවට ආසියාවේ රටවලට නැඹුරු වීමේ පිළිවෙතක් අනුගමනය කිරීමට කි‍්‍රයා කරන බව ආරංචි මාර්ග කියා සිටී.

(Lanka Leads)