The Japan-Sri Lanka Economic Cooperation Policy Dialogue was held on 5 January at the Finance Ministry, deepening mutual commitment to strengthen economic ties and expand collaboration between the two countries.
මේ වසරේ පළමු දින 04 තුළ පමණක් සංචාරකයින් 25,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ තිබේ.
ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ අවුරුදු 18ට වැඩි සියලු දෙනාට ම TIN අංකයක් ලබා දීමට අදාළ කටයුතු වහාම සරල කොට පුළුල් කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ඒ අනුව සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යලවල ඊට අදාළ පහසුම් සැලසිය යුතු බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඒ සඳහා වෙනම කවුන්ටරයක් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත උපදෙස් ලබා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ඊට අමතරව රජයේ බැංකු, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාතමේන්තුව වැනි ස්ථානවල ද ඊට අදාළ කවුන්ටර් විවෘත කිරීමට අදාළ කටයුතු ද සොයා බැලිය යුතු බවයි.
TIN ලබා දීම කාර්යක්ෂම කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තු, රාජ්‍ය පරිපාලන සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පැවැසීය.
මීට පෙර ඉන්ධන ලබා ගැනීමට අදාළ QR කේත නිකුත් කිරීමේ දී කටයුතු කළ ආකාරයට ම කාර්යක්ෂම ක්‍රියාවලියක් මෙහෙ දී ද අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. විශේෂයෙන් ම දැනට මාර්ගගතව ලියාපදිංචිවීමේ අයදුම් පත්‍රය තව දුරටත් කෙටි කිරීම සහ අංකය ලබා ගැනීමට දැන ගතවන දින පහක පමණ කාලය කෙටි කිරීම පිළිබඳ ව මෙහි දී අවධානය යෙමු විය. ඒ අනුව රාජ්‍ය පරිපාලන, දේශීය ආදායම් නිලධාරීන් විසින් ඊට අදාළ නීතිමය පියවර ඉදිරියේ දී ගැනීමට නියමිත ය.
තැපෑල් දෙපාර්තමේන්තුව ලබන ආදායමෙන් 54% ක් මේ වන විට උපයනු ලබන්නේ බස්නාහිර පළාතෙන් බවත් ඊට සමගාමීව නැගෙනහිර පළාතෙන් උපයන ආදායමද 10% ඉලක්කය දක්වාවත් වැඩිකල යුතු බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Among countries like Brazil, Indonesia, Greece and Poland, Sri Lanka too ranks high with regard to the 10 rules of successful nations except in some areas such as population, politics and the state, an expert said recently.
ආදායම් බදු ගෙවිය හැකි පුද්ගලයන් ලක්ෂ 10 ක ප්‍රමාණයක් මෙරට සිටියත්, බදු ගෙවීම සිදු කරන්නේ ලක්ෂ 5ක තරම් ප්‍රමාණයක් පමණක් බැවින් වක්‍ර බදු අඩුකර සෘජු බදු අනුපාතය ඉහළ නංවා ගැනීමට නම් මෙම බදු ගෙවීම පැහැර හැර සිටින ලක්ෂ 5ක පමණ වන පිරිස ද බදු දැල තුළට ගෙන ඒමට අවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඊයේ (ජනවාරි මස 1 වැනිදා) සිට ක්‍රියාත්මක වන වැට් සහ නව සුරාබදු සමග මෙරට මත්පැන් මිල ඉහළදැමීමට එම නිෂ්පාදන සමාගම් තීරණය කර ඇත.
ඊට අදාළ නව මිල ගණන් පහතින්,

2023 වර්ෂයේ මෙරට නිෂ්පාදිත තල් රා අපනයනය මගින් ඩොලර් 102,422ක මුදලක් උපයීමට තල් සංවර්ධන මණ්ඩලයට හැකි වී තිබේ.
විදෙස්ගත ශ්‍රී ලාංකේය සේවා නියුක්තිකයින් විසින් මෙරටට එවන ලද ප්‍රේෂණවල අගය 2023 වසරේ දී ඩොලර් මිලියන 5,969.6ක් ලෙස වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
කොළඹ වරාය නගරයේ රෝහලක් සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට,ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
රාජ්‍ය සේවකයන් සඳහා 2024 අයවැය මඟින් එළැඹෙන අප්‍රේල් මාසයේ සිට ගෙවීමට යෝජිතව තිබූ රුපියල් 10,000 ක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5,000ක් ජනවාරි මාසයේ සිට ලබාදීමට ජනාධිපතිවරයා විසින් කල යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
මෙරට වෙළෙඳපොළ සදහා මෝටර් රථ ආනයනය කිරීමට නැවතත් සූදානම් වන බව වාාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
Ceciliyan tea factory, Kalawana in Ratnapura district, has recorded the sale of over 3.8 million kilos in 2023 at the Colombo tea auction.
නව ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත එළැඹෙන සතියේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
වැට් බදු සංශෝධනයත් සමඟ රජයට හිමිවිය යුතු ආදායම කූට ව්‍යාපාරිකයන්ගේ ලාභයක් බවට පත්වීම වැළැක්වීම සඳහා රජය විශේෂ වැඩපිළිවෙළක් හා යන්ත්‍රණයක් සකස් කරන බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කෙළේය. කොළඹ, කොටුව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (01) පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා එසේ කීය. වසර 2022 සැප්තැම්බර් මාසයේ පැවැති සියයට 70 ඉක්මවූ උද්ධමනය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 80කින් අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියලහි අගය, විදේශ නිල සංචිතය ඉහළ නංවා ගැනීම ඇතුළු ආර්ථික ස්ථායීකරණ තත්ත්වයන් සිදු වීමට රජය ඉතා අසීරුවෙන් ගතවූ මාස 22ක කාලය තුළ ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්ති හා ගනු ලැබූ තීරණ බලපෑ බව ද සේමසිංහ මහතා විස්තර කළේය. එවැනි අසීරුවෙන් ක්‍රියාත්මක කළ තීරණ නිසා කෙටි කාලීනව පොදු මහජනතාවට පීඩාවත් එල්ල වුව ද මැදි හා දීර්ඝ කාලීනව රටේ ආර්ථිකය ස්ථායී තත්ත්වයකට ළඟාවීමෙන් සහන හිමිවනු ඇතැයි ද ඔහු කීය.
ජනප්‍රිය වීමට සුරංගනා කතා කියා ජනතාව ඉදිරියට ගියද සැබෑ යථාර්ථය එය නොවන බව පෙන්වා දුන් රාජ්‍ය ඇමැතිවරයා, දුෂ්කරතා හා දුෂ්කර කාලයේ කැපවීමෙන් කටයුතු කොට එම කාලය පසුකිරීමට සැවොම රජයට සහාය ලබා දී ඇතැයි පැවැසීය.
වැට් බදු සංශෝධනයෙන් රජය අපේක්ෂා කරන බදු ආදායම, නිසි ලෙස රජයට අයවීම අනිවාර්යයෙන්ම සිදු කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රධාන රජයේ යන්ත්‍රණය ශක්තිමත්ව මෙහෙයවීම හා ඊට අවශ්‍ය පරිපූර්ණ නීති-රීති හඳුන්වාදීම රජයක් ලෙස තමන් ඉටු කරන බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.
සෑම විටම භාණ්ඩ හා සේවාවල මිල වැඩිකොට, ඊට වැට් බදු සංශෝධනය හේතු වූවා යැයි කියා මහජනතාවගේ මුදල් අවභාවිතයට කිසිම අයකුට ඉඩක් නොතබන ලෙසත්, රජයට නිසි ලෙස බදු මුදල් අය කර ගැනීමට හැකිවන ලෙසත් නව වැඩපිළිවෙළක් නව වසරේ ක්‍රියාත්මක කරන බව ද සේමසිංහ මහතා කීය.
රජය සිදු කළ වැට් බදු සංශෝධනයෙන් උද්ධමනය දැනට පවතින අගයට වඩා සියයට දෙකක් (2%) සියයට දෙකයි දශම පහක් (2.5%) අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇත. දැනට උද්ධමනය සියයට පහ (5%) මට්ටමේ පවත්වා ගෙන යෑමට අප කටයුතු කොට තිබෙනවා. මේ අභියෝගාත්මක කාලයේ පවා අප උපරිම උත්සාහ දරනුයේ පීඩාවට පත්වන අයට සහන අවශ්‍ය පිරිස්වලට සහන ලබාදීමට බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.
වසර 2022 දී සියයට 10කින් හැකිළුණු ආර්ථික වර්ධන වේගය, වසර 2023 දී සියයට 3 මට්ටමට අඩුකර ගැනීමට හැකිවනු ඇත. වසර 2024 දී අපේ රටේ ආර්ථිකය සියයට 1.8කින් ධන ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගනු ඇත. දැනටමත් 2023 තුන්වැනි හා හතර වැනි කාර්තුවල ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගෙන තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අප ඇතිකරගත් එකඟතාවට අනුව මේ වන විට රටේ ආර්ථිකය ස්ථායී මට්ටමකට ළඟාවී තිබෙනවා. එය තවදුරටත් ශක්තිමත් වීම ඉදිරියේ දී සිදු වෙනවා. අපිට බංකොලොත් ආර්ථිකයක් යන ලේබලයෙන් මිදීමට ඉක්මනින් හැකිවෙනවා. ඒ සඳහා අප විවිධ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් ඉන්නවා. සාර්ථක ප්‍රතිඵල ලබා තිබෙනවා. යැයිද කිවේය.
Page 40 of 266