රට තුළ මේ වන විට ඩොලර් සංචිත යම් ප්‍රමාණයකින් ඉහළ යාමත් සමග වාහන ආනයනයට අවශ්‍ය පහසුකම් සලසන්නැයි රජයෙන් ඉල්ලිමක් කර ඇති බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ කුරුඳු හා ගම්මිරිස් වගා කිරීමේ ඉහළ හැකියාවක් පවතින බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කරයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2020 සහ 2021 වර්ෂවලට අදාළව විගණකාධිපති වාර්තාවෙන් මතු කර ඇති ගැටලු සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීම සදහා පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව පසුගියදා රැස්විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දුන් අමෙරිකානු ඩොලර් මිලියන 330ක් වූ විස්තීරණ ණය මුදලේ පළමු වාරිකය ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ වාරිකය ගෙවීමට යොදා ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහය ලබාදීමට ගත් තීරණයත් සමග ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් මූල්‍ය විශ්වාසය තහවුරු කර ගත් රටක් බවට පත් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
හෙට (27) සිට කිරි තේ කෝප්පයක මිල රුපියල් 90ක් වන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.
එළවළු තොග ලැබීම ඉහළ යෑම සහ අඩු මිලට ගොවීන්ගෙන් එළවළු තොග ලැබීම නිසා පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ පොළේ එළවළු මිල ගණන් සීඝ්‍රයෙන් පහත වැටී තිබේ.
The Colombo Port City Economic Commission (CPCEC) yesterday revealed the progress thus far of Sri Lanka’s most ambitious venture including licences issued for seven banks to set up shop and technical certificates of completion of 64 of the 74 plots.
VAT සඳහා ලබාදී ඇති නිදහස්කිරීම ක්‍රමානුකූලව අඩු කිරීමට, VAT බදු ආපසු ගෙවීම් කඩිනම් කිරීමට සහ එස් වැට් ක්‍රමය අහෝසි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අප්‍රේල් මාසයට අදාළ රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් හා සමෘද්ධි ඇතුළු දීමනා අප්‍රේල් මස 10 වනදාට පෙර ගෙවීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
පසුගිය දින කිහිපයට සාපේක්ෂව අද (21) දිනයේ ඇමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල සීඝ්‍ර ලෙස පහත වැටී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේ අද (21) දිනයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 316.84 ක් වන අතර, විකුණුම් මිල රු. 334.92 ක් බවයි.
මෙරට වාණිජ බැංකුවල අද විනිමය අනුපාත සටහන පහතින්,
මහජන බැංකුව - රු. 308 - රු. 330.92
සම්පත් බැංකුව - රු. 315 - රු. 330
කොමර්ෂල් බැංකුව - රු. 314.66 - රු. 336
ලංකා බැංකුව - රු. 315 - රු. 333.54
සෙලාන් බැංකුව - රු. 311 - රු. 338
අමානා බැංකුව - රු. 315.50 - රු. 330.50
Aruna
A Sri Lankan Gem and Jewellery Exhibition was held at The St. Regis Hotel in Shanghai between 22 and 23 March with the participation of Zam Gems, Sri Lanka under the patronage of Sri Lanka Consul General in Shanghai Anura Fernando.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අනුමත කළ විස්තීරණ ණය පහසුකමේ පළමු වාරිකය අද (23) මෙරටට ලැබුණු බව මුදල් අමාත්‍යාංශය පවසයි.
සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසරභාවය, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම, අවදානමට ලක් විය හැකි ජන කොටස් ආරක්ෂා කිරීම, ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම, දූෂණය පිටු දැකීම සහ ශ්‍රී ලංකාවේ පවත්නා වර්ධන විභවයන් විවර කර ගැනීම අරමුණු කර ගනිමින්, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය වීම පිණිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ මාස 48ක වැඩපිළිවෙළක් සඳහා විශේෂ ගැනුම් හිමිකම් (SDR) බිලියන 2.3කට සමාන ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයක ණය පහසුකමක් ලබා ගැනීම සඳහා 2022 09 01 දින ශ්‍රී ලංකාව විසින් කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹී ඇත.
Page 80 of 278