Saturday, April 25, 2026
Follow Us
මේ සතියේ දී 200ක් කොරියා යති

දකුණු කොරියාවේ රැකියා වරම් ලැබූ ශ්‍රී ලාංකිකයන් 109 දෙනෙකුගෙන් සමන්විත වූ 786 වන කණ්ඩායම (ධීවර) ඊයේ (23) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

එමෙන්ම දකුණු කොරියාවේ රැකියා වරම් ලැබූ තවත් ශ්‍රමිකයින් 65 දෙනෙකු හෙට (25) සහ 28 දෙනෙකු අනිද්දා (26) දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතයි.