Friday, May 17, 2024
Follow Us
රටේ ණය ප්‍රමණය රුපියල් බිලියන 11,977ක් දක්වා වැඩි වෙයි

මේවනවිට රටේ ණය ප්‍රමණය රුපියල් බිලියන 11,977ක් බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පැවසීය.

2018 වසර තුළ පමණක් ණය ප්‍රමාණය රැපියල් බිලියන 1664කින් වැඩිවී ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කාලේ ඊයේ (09) පාර්ලිමේන්තුවේදී මහා බැංකු වාර්තාව උපුටා දක්වමිනි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු කඩා වැටෙමින් තිබූ ආර්ථිකය තව දුරටත් වේගවත් වූ අතර දියුණු වෙමින් තිබූ සංචාරක කර්මාන්තයද කඩා වැටුණු බවයි හදුන්නෙත්ති මහතා කියා සිටියේ.

රටට සහ ජනතාවට නොගැලපෙන ආර්ථික ප්‍රතිපත්ති නිසා මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

සංචාරක කර්මාන්තය තුළ පමණක්ම රැකියා නියුතු පුද්ගලයන් ලක්ෂ 04ක් පමණ සිටින අතර සංචාරකයන්ගේ නොපැමිණීම නිසා ඔවුන් දැඩි ආර්ථික අවධානමක පසුවන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

(LNW)