Saturday, May 04, 2024
Follow Us
ආයෝජකයෝ නව ප්‍රතිපත්ති අපේක්ෂාවෙන්

කොටස් මිල දර්ශකය ඉහළට

සතිය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,119.27ලෙස සටහන් විය. මෙය ප්‍රතිශතයක් ලෙස ගත් කල 1.59% වැඩිවීමකි. කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තුගත සමාගම් අතුරින් විශාලත්වය, ද්‍රවශීලතාව සහ මූල්‍යමය හැකියාවන් පදනම් කරගත් කොටස් 20ක් අන්තර්ගත වන S&P SL 20 මිල දර්ශකඅගය පසුගිය සතියේ ඒකක 3,022.00ක් ලෙස සටහන් විය. මෙය ප්‍රතිශතයක් ලෙස ගත් කල 1.18%ක වැඩිවීමකි.

සතියෙහි වෙළෙඳ පොළ ගනුදෙනු තුළින් සටහන් වූ පිරිවැටුම රුපියල් බිලියන 8.09ක් ලෙස සටහන් විය.

සතිය තුළ සටහන් වූ විදේශ ආයෝජන සලකා බැලු විට විදේශ මිලදී ගැනීම් රුපියල් බිලියන 0.69 ලෙස සටහන් විය. විදේශ විකිණීම් රුපියල් බිලියන 2.30ක් ලෙස සටහන් විය.

සතියෙහි මිල ගණන්වල ඉහළ වර්ධනයක් සටහන් කල කොටස් වූයේ (1) S M B Leasing නිෂ්ඡන්ද කොටස්

(2) Waskaduwa Beach Resort (3) Asia Siyaka Commodities (4) Lanka IOC (5) C M Holdings සතිය තුල මිල ගණන්වල පහළ වර්ධනයක් සටහන් කළ කොටස් වූයේ (1) Mercantile Shipping Company (2) Abans Finance (3) Equity Two (4) Seylan Bank (5) Mackwoods Energy

කොටස් වෙළෙඳ පොළ විශ්ලේෂකයන්ගේ අදහස වන්නේ ස්ථාවර ආණ්ඩුවක් පැවතීම විදෙස් ආයෝජන ගලා ඒමට තුඩු දෙන ප්‍රධානතම සාධකය බවයි. නව රජයේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විදෙස් ආයෝජකයන් වඩාත් අවධානයෙන් පසුවෙමින් කොටස් වෙළෙඳ පොළ ආයෝජනය සඳහා සැලකිලිමත් ‍වන බවද විශ්ලේෂණයන්ගෙන් තහවුරු වෙයි.

(Dinamina)