Saturday, May 04, 2024
Follow Us
පසුගිය ඔක්තෝම්බර් වන විට උද්ධමනය 5.6%ක් දක්වා ඉහළ ගිහින්

උද්ධමනය හෙවත් බඩු මිල ඉහළ යාමේ වේගය ඉකුත් ඔක්තෝම්බර් මාසයේදී 5.6% ක් වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

සැප්තැම්බර් මාසයේද උද්ධමනය පැවතියේ 5.6% ක් ලෙසයි.

සහල්, එළවළු, කිරිපිටි සහ පොල් වැනි ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීමක් ඔක්තෝම්බර් මාසයේදී සිදුව ඇති බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. කෙසේවෙතත් මාළු, අර්තාපල් සහ පරිප්පු යන ආහාර ද්‍රව්‍යවල මිල ඔක්තෝම්බර් මාසයේදී අඩු වී තිබෙනවා.

ආහාර නොවන ඛාණ්ඩය සැලකූ විට ප‍්‍රවාහන, සෞඛ්‍ය, නිවාස, ජලය, විදුලිය හා ගෑස් යන ඛාණ්ඩවල මිල අඩු වී තිබෙන බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ.

කෙසේවෙතත් සැප්තැම්බර් මාසය හා සැසදීමේදී මධ්‍යසාර, දුම්කොල, රෙදිපිළි හා පාවහන් සහ ගෘහ උපකරණ යන ඛාණ්ඩවල මිල වැඩවීමක් ඔක්තෝම්බර් මාසයේදී සිදුව තිබෙනවා.

(neth)