Monday, January 12, 2026
Follow Us
නිවැරදි මාර්ගයෙන් රටට මුදල් එවන විදෙස්ගත ශ්‍රමිකයින්ට ලැබෙන සහනයන්

තමන් උපයන ලද මුදල් බැංකු හරහා මෙරටට එවන විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ස්වයං රැකියා ණය සහ නිවාස ණය ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

එම කාර්යංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය සඳහන් කළේ විදෙස්ගත ශ්‍රමිකයින් විදේශගතව රැකියාව කළ කාලයේ උපයාගත් මුදල් මෙරටට එවූ ආකාරය පිළිබඳ ඉදිරියේදී දැඩිව අධීක්ෂණයකින් කරන බවයි.

නීත්‍යානුකූල නොවන ක්‍රම ඔස්සේ රට තුළට විදෙස් මුදල් එවීමෙන් අපේක්ෂා නොකරන අවාසි සිදුවිය හැකි බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මේ අතර ශ්‍රමිකයින් ලෙස විදෙස්ගත වීම මේවනවිට සීග්‍රයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. ඒ යටතේ ජපානය සහ දකුණු කොරියාව වෙත වැඩි වශයෙන් ශ්‍රමිකයින් යොමු කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ඉදිරි මාස කිහිපය තුළ දකුණු කොරියාවට පමණක් යැවීමට අපේක්ෂිත ශ්‍රමිකයින් සංඛ්‍යාව 5,800 ක්.

Neth