Monday, January 12, 2026
Follow Us
ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින්

ප්‍රතිව්‍යුහගත කිරීමෙන් කිසිදු සේවකයෙකු බලෙන් ඉවත් කිරීමක් නෑ


ශ්‍රී ලංකන් ගුවන්සේවය ප්‍රතිව්‍යුහගත කිරීම මේ වසර තුළදීම අවසන් කළ යුතු බව වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කටුනායක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිදහස් සේවක සංගමය සමග පැවති හමුවකදීයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 315ක ණය ප්‍රමාණයක් දැරීම මීට ප්‍රධානතම හේතුව බව අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම මෙම ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් කිසිදු සේවකයෙකු බලෙන් ඉවත් කිරීමක් සිදුනොවන බවත් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ යෝජනාවක් ගෙන එන ලෙස අමාත්‍යවරයා මෙහිදී ගුවන් සේවයේ පාලනාධිකාරියට දැනුම් දී ඇත.

Aruna