කොවිඩ් වසංගත තත්වය හමුවේ ඕනෑම ව්‍යාපාරිකයෙකුට සිය අභිමතය පරිදි ව්‍යාපාරික ස්ථානය වසා දැමිය හැකි බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කෙසේ නමුත් අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පත්වාගෙන යාමේ අරමුණින් පිටකොටුව තොග වෙළඳාම් සහ බෙදාහැරීම් කිසිදු හේතුවක් මත නතර නොකරන බවයි ඇමතිවරයා පවසන්නේ.
වෙළඳසැල් වසා දැමුවද ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද වෙළඳ ඇමතිවරයා සඳහන් කරනවා.
ආනයන අපනයන ක්‍රියාවලිය සහ පොදු හුවමාරු ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යායුතු බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. යම් හෙයකින් අපනයනය අත්හිටුවීමට සිදු වුවහොත් පොදු හුවමාරුව නිසි පරිදි ක්‍රියාත්මක නොවුනහොත් කොරෝනාවලින් කෙසේ වෙතත් ආහාර නොමැතිව මරණයට පත්වීමට ජනතාවට සිදුවන බවද ඔහු සඳහන් කරනවා.
විශේෂයෙන් අපනයනය නිසි පරිදි ක්‍රියාත්මක වියයුතු බවත් අපනයනය අක්‍රීය වුවහොත් ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් නොමැති වන බවද ඇමතිවරයා පවසනවා.
(LNW)