හෙරොයින්, අයිස් සහ කුෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (6) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
ලද තොරතුරක් මත මිරිහාන පොලිස් වසමේ මාදිවෙල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමක් අතරතුර මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට සමත්ව තිබේ.
පොලිසිය සඳහන් කළේ, මෙහිදී හෙරොයින් කිලෝ 3යි ග්‍රෑම් 649ක්, අයිස් කිලෝ 2යි ග්‍රෑම් 109ක් හා කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 558ක් සොයාගැනීමට හැකිවූ බවය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 25ක් වන මාදිවෙල, කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.