Sunday, August 09, 2026
Follow Us
නාවික හා ධීවර ප්‍රජාවට දැනුම්දීමක්
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශ සුළගේ වේගය පැ.කි.මී 60 වඩා වැඩි වන අතර එම මුහුදු ප්රදේශ විටින් විට ඉතා රළු විය හැකියි. එබැවින්, මෙම මුහුදු ප්රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්රා නොකරන ලෙස කාලගුණ විද්යා දෙපාර්තුමේන්තුව නාවික සහ ධීවර ප්රජාවන්ට දැනුම් දෙයි.
මඩකලපුව සිට ත්රිකුණාමලය, කන්කසන්තුරය, මන්නාරම හරහා හලාවත දක්වා සහ, ගාල්ල සිට මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවන සුළගේ වේගය පැ.කි.මී 50 දක්වා වැඩිවිය හැකියි.
මෙම මුහුදු ප්රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදන ධීවර සහ නාවික ප්රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ද දැනුම් දී තිබේ.
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල මුහුදු රළ උස මීටර් (2.5 – 3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකියි.