Sunday, August 09, 2026
Follow Us
ඇමැති බංගලා ඵලදායී ආයෝජන සඳහා යොදා ගැනිමට යෝජනා කැඳවයි
අමාත්යවරුන්ගේ නිල නිවාස ලෙස පසුගිය කාලයේ භාවිත කෙරුණු කොළඹ නගරයේ පිහිටි බංගලා 7 ක් සඳහා ඵලදායී ආයෝජන යෝජනා කැඳවීමට මුදල් ක්රමසම්පාදන හා ආර්ථික කටයුතු අමාත්යාංශය පියවර ගෙන තිබෙන බව වාර්තා වෙයි.
 
එම පියවරට එළඹ ඇත්තේ, වත්මන් ආණ්ඩුවේ අමාත්යවරුන් රජයේ නිල නිවාස භාවිත නොකිරීමට තීරණය කිරීමත් සමගයි. පසුගිය කාලයේ අමාත්යවරුන් විසින් භාවිතා කරනු ලැබූ බංගලා 24 ක් ඵලදායී ආර්ථික කටයුතු වෙනුවෙන් යෙදවීම සඳහා වසර 30 ක කාලයක් බදු පදනම යටතේ ලබා දීමට ජනවාරි 5 වැනිදා පැවති කැබිනට් මණ්ඩලයේදී ප්රතිපත්තිමය තීරණයක් ගනු ලැබුවා. එහි පළමු පියවර ලෙස ඉකුත් 3 වැනි දින බංග්ලා 7 ක් සඳහා පෞද්ගලික අංශයෙන් ආයෝජන යෝජනා කැඳවා තිබෙනවා. ඒවා වසර 30 ක කාලයකට බදු පදනම මත ලබා දීමට නියමිතයි.
 
මෙලෙස ආයෝජන සඳහා කැඳවා ඇති අමාත්යවරුන් විසින් භාවිත කරනු ලැබූ බංග්ලා 7 වන්නේ, කොළඹ 05 ස්ටැන්මෝර් චන්ද්රවංකයේ පිහිටි බී-13 බංගලාව. එය, මීට පෙර භාවිත කරනු ලැබ ඇත්තේ හිටපු අමාත්ය රමේෂ් පතිරණ මහතා භාවිත විසින් ආයෝජන සඳහා ඇති එම ස්ථානයේම පිහිටි බී-14 බංගලාව මීට පෙර භාවිත කර ඇත්තේ හිටපු ජනාධිපති ආරක්ෂක අංශයයි.
බී-20 බංගලාව සඳහාද ආයෝජන කැඳවා ඇති අතර, එය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කර තිබෙනවා. පැජට් පාර පිහිටි සී-61 සහ සී-62 බංගලා ද මීට අයත්. එම ස්ථාන, හිටපු ජනාධිපතිවරුන් වන මෛත්රීපාල සිරිසේන සහ රනිල් වික්රමසිංහ යන මහත්වරුන් විසින් භාවිත කර තිබෙනවා. හිටපු අමාත්ය දුමින්ද දිසානායක මහතා භාවිතා කළ ස්කෙල්ටන් පාර පිහිටි ඊ-1 බංගලාව සඳහාද ආයෝජන කැඳවනු ලැබුවා.
එම ස්ථානයේම පිහිටි ඊ-2 බංගලාවද ආයෝජන සඳහා කැඳවා තිබෙනවා. එය මීට පෙර භාවිත කරනු ලැබ ඇත්තේ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින්. මෙම දේපළ බදු පදනමින් තෝරාගනු ලබන ආයෝජකයින් ඒවායෙහි නවීකරණ කටයුතු, සංවර්ධන හා නඩත්තු කටයුතු සිදු කළ යුතු වනවා. ගොඩනැගිලිවල හා ඉඩම්වල අයිතිය තවදුරටත් පවතිනුයේ රජය සතුවයි.
මේ සඳහා වන යෝජනා ලේඛන මුදල් අමාත්යාංශයේ www.treasury.gov.lkවෙබ් අඩවියෙන් බාගත කරගත හැකි අතර, එම යෝජනා අගෝස්තු 25 වැනි දින පස්වරු 2.00 ට පෙර ක්රම සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්යාංශය වෙත එවිය යුතුයි.