ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්යයට සමගාමීව ශ්රී ලංකා යුද හමුදාව වර්ෂිකව සිදුකරන කොප්පරා පූජාව ශ්රී දළදා මාලිගාවේදී අද (08) උදෑසන සිදු කෙරිණි.
ඇසළ පෙරහැර මංගල්යයේදී පන්දම් ආලෝකය සදහා මෙම කොප්පාරා යොදා ගන්නා අතර ශ්රී දළදා මාලිගාව සහ සිව් මහ දේවාල සදහා මෙම කොප්පරා බෙදාදීම සිදුවේ.
ශ්රී ලංකා යුද හමුදාවේ විජයබාහු පාබල රෙජිමේන්තුව මගින් මෙම කොප්පා සම්පාදනය කරන අතර යුද හමුදාපති ලුතිනන් ජනරාල් ප්රියන්ත ප්රේමරත්න මහතාගේ ප්රධානත්වයෙන් මෙම වැඩසටහන සංවිධාන වූ අතර මෙවර කොප්පාරා කිලෝ පන්දහසක් පූජා කිරීම මෙහිදී සිදුවිය.
දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා විසින් ශ්රී දළදා මාලිගාවට පැමිණි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ප්රියන්ත ප්රේමරත්න මහතා පිළිගන්නා ලද අතර නව ධූරයට පත්ව ශ්රී දළදා මාලිගාවේ සිදුකළ පළමු නිල සංචාරය සනිටුහන් කරමින් විශේෂ අමුත්ත්ගේ සැමරුම් පොතේ සටහනක් යෙදීම ද එහිදී සිදුවිය.