Saturday, August 08, 2026
Follow Us
කොළඹ සහ කුවේට් අතර ගුවන් ගමන් යළි ඇරඹේ

කොළඹ සහ කුවේටය අතර ගුවන් ගමන් අද (08) පස්වරුවේ සිට යළි ආරම්භ කරන බව ශ්‍රීලංකන් ගුවන් සේවය පවසයි. 

මැදපෙරදිග අර්බුදකාරී තත්ත්වය හමුවේ එම ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන තිබුණි. 

කෙසේවෙතත් මේ වනවිට යුදමය තත්ත්වය යම් ප්‍රමාණයකට සමනයවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.