Sunday, May 17, 2026
Follow Us
මල්වාන ප්‍රදේශයේ ඉඩමක රැඳී සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පිළිබඳ අගමැතිනියගේ අවධානය

දොම්පේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය භාරයේ පවතින, මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩමක විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පිරිසක් දින කිහිපයක් තිස්සේ රැඳී සිටීම පිළිබඳ ව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ අවධානය යොමු ව තිබෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

එම ශිෂ්‍යයන්ගේ ඉල්ලීම් පිළිබඳ අදාළ පාර්ශව සමඟ සාකච්ඡාවක් හෙට (18) අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත ය.

මෙම සාකච්ඡාවෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ව තීරණය කරනු ඇති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.