වීසා නැති මෙරට සිට විදේශ ජාතිකයින් 17ක් ඊයේ (14) අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව කළුතර උතුර පොලිස් වසමේ වස්කඩුව ප්‍රදේශයේ හෝටලයක් තුලදී පානදුර වලාන මධ්‍යම ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර එහි රැඳී සිටි විදෙස් ජාතිකයින් 14 දෙනෙකු වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටීම සම්බන්ධයෙන් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අවුරුදු 22 ත් 56 ත් අතර වයස්වල පසුවන චීන ජාතිකයින් 12 දෙනෙකු හා මැලේසියානු ජාතිකයින් 02 දෙනෙකු වේ. කළුතර උතුර පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
එසේම ත්‍රිකුණාමලය පොලිස් වසමේ මුරුගාරිපුරි ප්‍රදේශයේ හෝටලයක් තුලදී ත්‍රිකුණාමලය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර එහි ලැගුම්ගෙන සිටි විදෙස් ජාතිකයින් තිදෙනෙකු වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටීම සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අවුරුදු 49 හා 50 වයස්වල පසුවන ඉන්දීය ජාතිකයින් වේ. ත්‍රිකුණාමලය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.