Wednesday, August 12, 2026
Follow Us
අද අලුයම වනවාසල ප්‍රදේශයේ සිදු වූ දුම්රිය පිහිලිපැනීමෙන් 12 රෝහල් ගත කෙරේ

අද (16) අලුයම වනවාසල සහ හුණුපිටිය අතර දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පැනීමකට ලක්වී මැදිරියක් පෙරළීයෑමෙන් පුද්ගලයින් 12 දෙනෙකු  තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අනතුර සිදුවෙන අවස්ථාවේදී දුම්රියේ සිටි මගියෙක් මැදිරියෙන් පිටතට විසිවී ගොස් ඇති අතර ඔහුව පෙරළී ගිය මැදිරිය සහ දුම්රිය මාර්ගය අසල නවතා තිබූ මෝටර් රථයක් අතරට සිරවීමෙන් තුවාල ලබන්නට ඇති බවයි වාර්තා වන්නේ.

 අද අලුයම 3:25ට පොල්ගහවෙලින් පිටත්වූ මෙම දුම්රිය දකුණු කළුතර බලා ධාවනය වෙමින් තිබී ඇත.