බෙලරුස් රාජ්‍යයේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඊයේ (16) බෙලරුස් ජාතික මණ්ඩලයේ රිපබ්ලික් කවුන්සිලයේ සභාපතිනී Natalya Kochanova මහත්මිය හමුවිය.
එහිදී දෙරට අතර පාර්ලිමේන්තු සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ බෙලරුස් අතර පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගම් පිහිටුවීම පදනම් කර ගනිමින්, දෙරටේ පාර්ලිමේන්තු සහයෝගීතාව පුළුල් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා පැවැත්විණි.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා මෙවැනි හමුවීම් වැදගත් පියවරක් වන බවද මෙහිදී අවධාරණය කෙරිණි.