Tuesday, May 12, 2026
Follow Us
මාතලේ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපති ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි
මාතලේ විශේෂ දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් මාතලේ දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී අද (12) පෙරවරුවේ ආරම්භ විය.

 

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විනාශ වූ මිනිස් සහ ජීවිත හා දේපළ සඳහා වන්දි ගෙවීම, නිවාස හා ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති පියවර, මාතලේ නගර සංවර්ධන සැලැස්ම ඇතුළු 2026 අයවැය ප්රතිපාදන යටතේ ක්රියාත්මක සංවර්ධන ව්යාපෘතිවල ප්රගතිය මෙහිදී විමසා බැලීමට නියමිත අතර රටම එකට මත්ද්රව්ය නිවාරණ වැඩසටහනේ ප්රගතිය සහ ඉදිරි සැලැසුම් පිළිබඳවද මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතය.