Saturday, May 02, 2026
Follow Us
පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දකුණු පළාතෙත් කළුතර සහ කොළඹ දිස්ත්රික්කවලත් වෙරළබඩ ප්රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැක.
 
මධ්යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර සහ පොලොන්නරුව දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
 
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.