මෙරටේ දීර්ඝ කාලයක් පවතින විවිධ ක්ෂේත්රවලට අදාළ නීති නැවත සලකා බලා සංශෝධනය විය යුතු නීති හා අණපනත් අලුතෙන් සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති බවත් ඇතැම් නීති සරල කර සාමාන්‍ය ජනතාවට වඩාත් පහසුවෙන් සේවා ලබාදීම සඳහා දැනට පවතින නීති නව මුහුණුවරකින් හඳුන්වා දීමට රජය සැලකිල්ලට ගෙන ඇති බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.
අමාත්‍ය අබයරත්න මහතා මේ බව පැවසූයේ රාජ්‍ය නිලධාරින්ට නීති ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ පසුගියදා පැවති සමාරම්භක සැසිය අමතමිනි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇමති මණ්ඩලය අවස්ථා දෙකකදී මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩල පත්‍රිකා මගින් මේ සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදීලා ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා විවිධ අමාත්‍යාංශ හා වෙනස් ක්ෂේත්‍ර දහතුනක් පිළිබඳව අවධානය යොමු වී ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.