Friday, September 19, 2025
Follow Us
මෙරට තරුණ කාන්තා දේශපාලන සහභාගීත්වය දිරිගැන්වීමේ වැඩසටහන්වලට සහය ලබා ගැනීමේ සාකච්ඡා
මෙරට තරුණ කාන්තා දේශපාලන සහභාගීත්වය දිරිගැන්වීමේ වැඩසටහන් සඳහා එක්සත් රාජධානියේ සහයෝගය ලබා ගැනීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදයේ දී සාකච්ඡා කෙරේ

මෙරට තරුණ කාන්තා දේශපාලන සහභාගීත්වය දිරිගැන්වීමේ විවිධ වැඩසටහන් සඳහා එක්සත් රාජධානියේ සහයෝගය ලබා ගැනීමට හැකි අවස්ථා පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්

පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසද රැස්වීම පසුගියදා අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය සහ සංසදයේ සභාපති කාන්තා හා ළමා කටයුතු අමාත්ය සරෝජා සාවිත්රි පෝල්රාජ් මහත්මියගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
 
කමිටුවේදී අදහස් දක්වමින් ප්රජාතන්ත්රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනමේ (WFD) නියෝජිතයන් පෙන්වා දුන්නේ මෙරට ස්ත්රී පුරුෂ සමාජභාවීය සංවේදී නීති සම්පාදනය කිරීම සහ ස්ත්රී පුරුෂ භාවීය අයවැයකරණය හඳුන්වාදීම සහ ක්රියාත්මක කිරීම පිණිස කාන්තා ශ්රම බලකායේ සහභාගීත්වය වර්ධනය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදය ගන්නා ක්රියාමාර්ග සඳහා සහය ලබා දීමට සිය පදනමට හැකි බවයි.
 
එමෙන්ම, මෙරට පාර්ලිමේන්තුව ස්ත්රී පුරුෂ සමාජභාවීය සංවේදී පාර්ලිමේන්තුවක් බවට පත් කිරීම සඳහා පර්යේෂණ සහ ප්රතිපත්තිමය සහයන් ලබා දීමටත් ප්රජාතන්ත්රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනමේ (WFD) මෙහිදී සිය එකඟතාවය පළ කළේය.
 
දේශපාලනය තුල කාන්තා සහභාගීත්වය වර්ධනය කිරීමේදී සමාජයේ ඉහළ ස්ථර පමණක් නොව බිම් මට්ටමේ ක්රියාකාරිත්වය පිළිබඳවද පර්යේෂණ කිරීම, අවධානය යොමු කිරීම සහ සැබෑ දේශපාලන වෙනසක් ඇති කිරීම සඳහා බිම් මට්ටමේ කාන්තාවන් බලමුලු ගැන්වීමේ වැදගත්කම සහ අවශ්යතාවය සංසදයේ සාමාජිකාවෝ මෙහිදී අවධාරණය කළහ. වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්රීවරියන් මුහුණ දෙන ගැටළු පිළිබඳව ද අවධානය යොමු කරන ලද අතර, පොදුවේ කාන්තාවන් මුහුන දෙන ගැටළු සඳහා පිළියමක් ලෙස උපදේශනය වැනි සහාය යාන්ත්රණයන් දිරිමත් කිරීමේ වැදගත්කමද මෙහිදී සාකච්ඡා කෙරිණි.
 
උක්ත කරුණු වලට අදාලව 2025 සැප්තැම්බර් 16 සිට 19 දක්වා නීතිය සහ සමාජ භාරය (Law & Society Trust) විසින් සංවිධානය කිරීමට නියමිත වැඩසටහන් සඳහා සහභාගී වන ලෙස සංසදයේ සාමාජිකාවන්ට ආරාධනා කෙරිණි.
 
මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ ගරු. නියෝජ්ය කාරක සභා සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්රී හේමාලි වීරසේකර, සහ පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් වන (ආචාර්ය) කෞෂල්යා ආරියරත්න, ක්රිෂ්ණන් කලෙයිචෙල්වි, (නීතිඥ), නිලන්ති කොට්ටහච්චි, (නීතිඥ) තුෂාරි ජයසිංහ, (නීතිඥ) අනුෂ්කා තිලකරත්න, දීප්ති වාසලගේ , ඔෂානි උමංගා, අම්බිකා සාමිවේල් සහ (නීතිඥ) ලක්මාලි හේමචන්ද්ර යන මහත්මීහු ද එක්ව සිටියහ.