Saturday, September 06, 2025
Follow Us
ශ්‍රී ලංකා - සිම්බාබ්වේ දෙවන T20 තරගය අද

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැවැත් වෙන අතර තරගය මෙරට වේලාවෙන් ප.ව. 5ට ආරම්භවීමට නියමිතය.

දෙරට අතර පළමු විස්සයි20 තරගය ශ්‍රී ලංකාව ජයගත් අතර, ඔවුන් මේ වනවිට තරග 1-0ක් ලෙසින් තරගාවලියේ පෙරමුණගෙන සිටියි.

ඒ අනුව ශ්‍රී ලංකාවට අද තරගය ජයගැනීමට හැකිවුවහොත් තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කරගැනීමට හැකි වනු ඇත.