ජාතික විද්‍යා සතිය පදනම් කරගනිමින් කැලනිය විශ්වවිද්‍යාලය හා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය එක්ව සංවිධානය කරන Hackathon තරගාවලිය මෙරට සියලුම විශ්වවිද්‍යාල හා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පවත්වන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ Hackathon තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
විශ්වවිද්‍යාල හා පාසල්වල සිටින ආචාර්යවරුන්ට මෙම තරගාවලිය සඳහා දරුවන් උනන්දු කරන ලෙස ආරාධනා කළ අමාත්‍යවරයා එමගින් අපේ රටේ ඇති සැඟවුණු කුසලතා ඉදිරියට ගැනීමට හැකි බවත් ඒ තුළින් රටේ ආර්ථිකයට දායකත්වයක් දැක්වීමට හැකිවන බවත් අවධාරණය කළේය.
මෙම තරගාවලියේ ආරම්භය ජාත්‍යන්තර විද්‍යා දිනය වන නොවැම්බර් 10 වනදා සිදුවන බවත් ජාත්‍යන්තර විද්‍යා දිනයෙන් පසුවද නවෝත්පාදන ඉදිරියට ගෙන යායුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.