Thursday, July 17, 2025
Follow Us
ඇහැලේපොළ වලව්වේ ඉටි රූ කෞතුකාගාරය ජනපති අතින් විවෘත වෙයි

සිංහලයේ අවසන් රාජධානිය හා බැඳුණු ප්‍රතාපවත් චරිත 36ක ගේ ජීවමාන ප්‍රමාණයේ අනුරූ ප්‍රතිනිර්මා-ණය කරමින්, සෙංකඩගල ඇහැලේපොළ වලව්ව පරිශ්‍රයේ ස්ථාපිත කෙරුණු මෙරට ප්‍රථම ඓතිහාසික ඉටි රූ කෞතුකාගාරය අද ( 17) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් විවෘත කෙරිණි.

ප්‍රදීප් නිලංග දෑල ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමාගේ සංකල්පයක් මල්ඵල ගන්වමින් ඉදි වූ මේ කෞතුතාගාරය, මහනුවරට පැමිණෙන දහස් ගණනක් වූ දෙස් විදෙස් සංචාරකයින් වෙත නවමු අත්දැකීමක් තිලින කිරීමට සූදානම් බව වාර්තා වෙයි.

පොත-පතට, ඉතිහාස කතාන්දරවලට සීමා වූ කන්ද උඩරට රාජධානියේ සුවිශේෂී තතු විත්ති, ඇහැලේපොල ඉටි රූ කෞතුකාගාරය තුල ද ජීවමාන වී තිබීම සුවිශේෂත්වයකි

මෙම අවස්ථාවට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ,අමාත්‍ය ලාල්කාන්ත මහතා ඇතුළු ආරාධිතයන් පිරිසක් සහභාවිය .