Thursday, May 14, 2026
Follow Us
මත්ද්‍රව්‍ය සහ පාතාලය තුරන් කිරීමේ විශේෂ සෝදිසි මෙහෙයුම් දිගටම

ශ්‍රී ලංකා පොලිසිය හා යුද හමුදාව එක්ව මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කර දැමීමේ ක්‍රියාවලියේ එක් පියවරක් ලෙස විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම පසුගියදා (04) ආරම්භ කළ අතර එම විශේෂ මෙහෙයුම් දිගමට ක්‍රියාත්මක කෙරෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ජා ඇල, කඳාන, වත්තල හා රාගම ප්‍රදේශ මූලික කරගෙන පසුගියදා ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමෙන් නීති විරෝධි මත්ද්‍රව්‍ය සහ විවිධ නීති විරෝධි ක්‍රියාවන් හා සම්බන්ධ පුද්ගලයන් 300කට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන මෙම විශේෂ සෝදිසි කිරීම් සඳහා සහයෝගය ද ලබා දෙන මෙන් එම අමාත්‍යාංශය මහජනතාවගෙන් ද ඉල්ලා සිටි.