Monday, September 28, 2026
Follow Us
ශ්‍රී ලංකා නාවික හමුදාව මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද ( 27) උදෑසන යාපනය මාදගල්, කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන්, යාපනය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ දායකත්වය යටතේ සිදුකෙරෙණ පරීක්‍ෂණ මඟින්, එම මත්ද්‍රව්‍ය තොගයේ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ඇති බවට හඳුනාගෙන ඇත.

ඒ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ තවදුරටත් සිදුකෙරෙමින් පවතින අතර, වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබා දීමට නාවික හමුදාව බලාපොරොත්තු වේ.