Monday, August 24, 2026
Follow Us
තැනින් තැන වැසි තිබුණත් වියළි කාලගුණයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැක.
අම්පාර, මොණරාගල සහ මඩකලපුව දිස්ත්රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
 
දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.
 
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මන්නාරම, ත්රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.
 
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.