පොළොන්නරුව වනජීවී කලාපයට අයත් මින්නේරිය ජාතික වනෝද්‍යානය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ උද්‍යාන දොරටුවල සංචාරකයන් සඳහා සෆාරි ජිප් රථවල ප්‍රවේශ පත්‍ර තදබදය පිළිබඳ පරිසර අමාත්‍යංශයට වාර්තා වූ කරුණු අනුව ඒ පිළිබඳ විමසා බලා කඩිනම් පියවර ලබා ගැනීම සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහත්වරුන් ඊයේ (16) මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යානවල නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූහ.
එහිදී එම උද්‍යානයේ පවතින දොරටු දෙකේ සංචාරකයන් පැමිණීමේ දී ඇතිවන තදබදය අවම කිරීම සඳහා නව ටිකට් කවුන්ටර් විවෘත කිරීමට පරිසර අමාත්‍යවරයා උපදෙස් ලබා දුන් අතර උද්‍යාන නැරඹිම සඳහා පැමිණෙන සංචාරකයන්ට ඉතා පහසුවෙන් තම සංචාරය කළ හැකි වටපිටාවක් සකස් කරමින් නව ටිකට් කවුන්ටර විවෘත කිරීමට ද පියවර ගත්තේය.