හුරතලේට හැදිච්ච ටිපිටිප් පෙරේත
අම්මගෙ චූටි දුවෙක්ට වඩා
පිරිමි ආසයි,
පොළවෙ පය ගහලා සමාජෙ එක්ක
හැප්පෙන හිත හයිය ගැහැණුන්ට?
බතට කන්ට බැරි බතලේගල කන්ද
අලට කන්ට බැරි අලගල්ලේ කන්ද
හුනට කන්ට බැරි හුන්නස්ගිරි කන්ද
මෙකදු තුනට නායක සමනල කන්ද
ගියත් හිටි හැටියේම මියැදී
පපුව මැද්දෑව රිදිලා
කෙල්ල මාගෙ තාම පුංචි
අත හරින්නේ කොහොම කියලා
මියදුනේ මන් ඒකි මාගෙ
හිතේ අස්සක හෙමින් තියලා
පොළෝ තලයේ වැතිරිලා ඈ
හඬනවා මන් ගිහින් කියලා............
Page 40 of 48