Friday, April 26, 2024
Follow Us
මැණිකේ කියල අමතල නැද්ද බිරින්දෑට

වයසට යද්දි එනවනේ මාමෙි රෝග
කනට ප්‍රිය දෙයක් රසවත් නැතිවාම
ඇඟපත සීතල වගේ දැනුනාම
පිනක් කරගන්න කට මැත නොදොඩාම

රට හෙල්ලුව ⁣ඉන්දියාවෙන් ඒ කෙල්ල
හමස්කඩ වලට වැහිල ඔරවන ඔයාලාට
දනිස්කඩ පන ගැහෙයි නිතරම එය දුටුව
මැණිකේ කියල අමතල නැද්ද බිරින්දෑට?

පට්ටම් අරන් ලොල් බැද පදවි වලට
රත්කරලා පුටු ඉද හිටි දේසපාලුවනට
නොපෙන්වා ස්වාධීන බව හැම විටම
එලියට ආවෙි කුහකකම උ⁣බගෙ එකපාර

නරිප්පඩ වැඩ කරල නෙවේ ඒකි ලොව දින්නේ
පොත පත කියව්වත් උඔලගෙ මොල දැන් පුස්නේ
වැඩකට නැති ඥානය පිරිමැද තෙල් උරච්චි
දාගන් මොලේ පෑදෙයි වෙදෙකුගෙන් හිස කුඩච්චී

නදීෂ නිර්මාණ හේරත්