සතොස සභාපතිවරයාගේ හා එහි ප්‍රවාහන කළමනාකරුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ, අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින්.
මේ දිනවල වාර්තා වන කොරෝනා ආසාදිතයිනගේ වැඩිවීම සුලුවෙන් තැකිය නොහැකි බව සෞඛ්‍ය අංශ පවසනවා.
ඉදිරි මාස කිහිපය තුළ බූස්ටර් එන්නත් මාත්‍රාව ඉලක්කගත ජනතාවට ලබාදීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
SLPP MP Anura Priyadharshana Yapa was unanimously elected to serve as the Chairman to the Committee on Public Finance at its first meeting held on Tuesday.
කටුනායක ගුවන් තොටුපොල දක්වා මගී ප්‍රවාහන දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව වාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි සහ මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 20 ක කොටස ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලිය නව මුහුණුවරකින් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා. ඒ, මාර්ගය ඉදිකිරීම් සඳහා පළමු වරට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අදාළව ප්‍රසම්පාදන ක්‍රියාවලිය යළි ආරම්භ කිරීමත් සමඟයි.
දිවයින පුරා ගොවීන්ගෙන් අමුකහ කිලෝග්‍රෑම් ලක්‍ෂයක් මේ වනවිට මිලදී ගෙන ඇති බව කුලුබඩු, වැවිලි බෝග ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.
Page 224 of 642