රුසියාව සහ යුක්රේනය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ බෙලරූස් රාජ්යයේ උසස් අධ්යාපන කටයුතු වල නිරත ශ්රී ලාංකික සිසුන් වෙනුවෙන් ආරක්ෂිත පියවර ගන්නැයි අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.
ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු රාජ්ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ක්රමවේදය යටතේ නැවත ආරම්භ කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. සීමා සහිත ජාතික කඩදාසි සමාගම සතු ඇඹිලිපිටිය කඩදාසි කම්හල වසා දමා ඇත්තේ 2012 වර්ෂයේ සිටයි.
සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල ඇතුළු විශ්රාම අරමුදල් 13 ක් යෝජිත අධිභාර බද්දට යටත් නොවන බව නීතිපතිවරයා ඊයේ ශ්රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ, රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අධිභාර බදු පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද සලකා බැලූ අවස්ථාවේදීයි.
රටේ පවතින විදුලි අර්බුදය මඟහරවා ගැනීමට අවශ්ය පියවර කඩිනමින් ගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහජන උපයෝගිතා කොමිසමට සහ ජනතාවට සහතික වී තිබෙනවා.
යුක්රේනයේ යුද ගැටුම්වලට මැදිව සිටින ශ්රී ලාංකිකයන් බේරා ගැනීම සඳහා මැදිහත්ව සිටින බව විදේශ කටයුතු අමාත්යංශය පවසනවා. යුක්රේන – පෝලන්ත දේශසීමා හරහා ඔවුන් බේරා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි අමාත්යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.
ඉන්ධන අර්බුදයත් සමග පැන නැගී ඇති ප්රවාහන ගැටලුව හේතුවෙන් රජයේ සේවකයන් සියයට දහයක් පමණ ඊයේ (02) දිනයේ සේවයට වාර්තා කර නැතැයි රාජ්ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශයේ ජ්යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
“එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ කාලය මාස 03 කින් දීර්ඝ කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින්. “එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ කාලය ඊයේ දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණා. මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය පි්හිටුවනු ලැබුවේ ඉකුත් මස 26 වනදායි.
Page 223 of 648