2025 සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම සඳහා කොළඹ, කළුතර, ගම්පහ හා කෑගල්ල දිස්ත්‍රික්ක වලට අදාළ සම්මුඛ පරීක්ෂණ 2025/09/20 හා 2025/09/21 දිනවල කොළඹ 10, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පරීක්ෂකවරුන් තෝරා ගැනීමට මාර්ගගතව අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2025 (2026) විභාගය සඳහා අයැදුම්පත්‍ර කැඳවීම ලබන මස 09 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා සැලකිමත් වන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
පහ වසර ශිෂ්‍යත්ව 2025 විභාගයේ අභියාචනා උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා අද සිට මේ මස 22 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අභියාචනා කැඳවා තිබෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව යටතේ වන 'ගෞරවනීය ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් - අර්ථවත් විශ්‍රාම දිවියක්' තේමාව අනුව යමින් වැඩිහිටියන්ට සමාජීය, ආර්ථිකමය, ශාරීරික සහ ආධ්‍යාත්මික වශයෙන් තෘප්තිමත් වූ ජීවිතයක් ගත කිරීම සඳහා පහසුකම් සැපයීමට හැකි වන පරිදි 'ශ්‍රී ලංකාවේ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය' සකස් කරනු ලැබ තිබේ.
2025 සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම සඳහා කොළඹ, කළුතර, ගම්පහ හා කෑගල්ල දිස්ත්‍රික්ක වලට අදාළ සම්මුඛ පරීක්ෂණ 2025/09/20 හා 2025/09/21 දිනවල කොළඹ 10, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වේ.
වත්මන් කොන්ත්‍රාත්කරු හරහා දේශීය අරමුදල් යොදා ගනිමින්, කොහුවල ගුවන් පාලමේ නිම කර නොමැති බිම් මට්ටමේ මාර්ග සම්පූර්ණ කිරීමටත්, ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමටත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Page 16 of 644