එළඹෙන මාසයේ සිට බදු පනත් සියල්ල සංශෝධනයට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
කොළඹ ස්ථාන 18 ක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා හෝ ප්‍රමාණවත් ආදායමක් රජයට නොලැබෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මේ හේතුවෙන් රජය දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
ආහාර සපයා ගැනීමට මුදල් නොමැතිකම හේතුවෙන් ශිෂ්‍ය නායිකාවක් දිවා ආහාර සඳහා කළටි පොල්මද රැගෙන ඒමේ සිදුවීමක් පිළිබඳ ජාතික පුවත්පත්වල සහ සමාජ මධ්‍යයන්හි පළවන ප්‍රවෘත්තිය පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇත.
විවිධ රටවල් නියෝජනය කරමින් ශ්‍රී ලංකාව සඳහා පත්කර ඇති තානාපතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
අධික ආහාර අහේනියකින් පෙළෙන පවුල් 61,000ක් සදහා මාසිකව රුපියල් දසදහසක දීමනාවක් ලබාදෙන බව රජය පවසනවා. එම දීමනාව මාස හයක කාලයක් ලබාදීමට කටයුතු සකස් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
රාජ්‍ය නිළධාරීන් සේවයට වාර්තා කිරීමේදී භාවිතා කළයුතු ඇඳුම් සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා පවසනවා. ඊට අදාල උපදෙස් මේ වනවිටත් ලබා දී ඇති බවයි ලේකම්වරයා ප්‍රකාශ කරන්නේ.
Page 133 of 645